E1M1 01 07 2020

සැලසුම් සැකසීම වෙනුවට එම සැලසුම් මහ පොළවේ ක්‍රියාත්මක වන යථාර්තයක් බවට පත් කළ යුතු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

සැලසුම් වලට පමණක් සිමා වු රජයේ වැඩපිළිවෙල වත්මන් ආණ්ඩුවේ කිසිවිටෙකත් දක්නට නොමැති බව ද ආණ්ඩුකාරවරිය කීවාය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දි පළාත් සංචාරක කාර්යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් ආණ්ඩුකාරවරිය පසුගියදා මේ බව කියා සිටියාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේ පැවසුවාය.

අපේ පළාතේ සංචාරක කර්මාන්තය අභිමානවත් සංචාරක  ප්‍රදේශයක් ලෙස දියුණු කළ යුතුයි.විදේශිය මෙන්ම දේශිය සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි. සමහර ස්ථානවල දේශිය සංචාරකයින්ට භාවිතා කිරිම සඳහා වැසිකිළි කැසිකිළිවත් නෑ. අපි ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. ඉතා කඩිනමින් සංචාරක කලාප වල පහසුකම් නංවාලීමට අවශ්‍ය වැඩපිළිවෙල සිදු කළ යුතුයි. කොවිඩ් නිසා අපේ පළාතේ විතරක් නෙමෙයි රටේම සංචාරක ක්ෂේත්‍රය කඩන් වැටුණා. එය නැවත නංවාලීමට රජය ස්ථීරසාර වැඩපිළිවෙලක් සකසනවා. එසේම පළාතක් ලෙස අපිත් එම ක්ෂේත්‍රය නගා සිටුවීමට හැකි සෑම පියවරක්ම ගත යුතුයැයි ද ආණ්ඩුකාරවරිය කීවාය.

 

මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, ආණ්ඩුකාර උපදේශක සෝමා කොටකදෙණිය, පළාත් සංචාරක කාර්යංශයේ සභාපති හැරී ප්‍රතාප් සහ එම කාර්යංශයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

 

E1M2 01 07 2020

 

 

 

© Provincial Planning Secretariat - EPC