E1M1 27 09 2018

නැගෙනහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ ”පිබිදෙන නැගෙනහිර කර්මාන්ත ප‍්‍රදර්ශනෝත්සවය 2018 වර්ෂයේ සැප්තැම්බර් මස 20,21 හා 22 යන දිනයන්වල ත‍්‍රීකුණාමලය සෙල්වනායගපුරම් පිහිටි ග‍්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තු පරිශ‍්‍රයේ දී සාර්ථකව අවසන් විය

නැගෙනහිර පළාතේ සියලූ දිස්ත‍්‍රීක්ක නියෝජනය කරමින් දේශීය නිෂ්පාදකයන් කුඩා කර්මාන්ත, ව්‍යවසායකයින්, ග‍්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුවේ මධ්‍යස්ථාන භාර උපදේශකවරුන් හා ජාතික ශිල්ප සභාවෙි ලියාපදිංචි හස්ත කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් අත්යන්ත‍්‍ර පේෂකර්මාන්ත නිෂ්පාදන, මැටි භාණ්ඩ නිෂ්පාදන, කොහු, තල් කොළ හා පන් ආශ‍්‍රීත නිෂ්පාදන, ලෝහ හා අත්කම් භාණ්ඩ නිෂ්පාදන ආභාරණ, සිප්පිකටු නිර්මාණ, ලී භාණ්ඩ හා සම් භාණ්ඩ නිෂ්පාදන, ආහාර නිෂ්පාදන, ශෛලමය නිර්මාණ ආදිය මෙම ප‍්‍රදර්ශණයේදී ඉදිරිපත් කර තිබීම දැකගැනීමට හැකිවිය

තවද, දේශීය නිෂ්පාදන දිරිගැන්වීම පිණිස හා අලෙවිය ප‍්‍රවර්ධනය කිරීම සඳහා නොමිළෙ ප‍්‍රදර්ශණ කුටි හා ප‍්‍රායෝගික කුටි වැනි පහසුකම් මෙහිදී සලසා තිබුණු අතර ප‍්‍රදර්ශණයේ සමාරම්භක උත්සවය සැප්තැම්බර් මස 20 වන බ‍්‍රහස්පතින්දා ප: ව: 3.00 ට නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාරවර රෝහිත බෝගොල්ලාගම මැතිතුමා අතින් නිල වශයෙන් විවෘත විය

 

 

 

 

 

  E1M2 27 09 2018

E1M5 27 09 2018

E1M3 27 09 2018

© Provincial Planning Secretariat - EPC