E2M1 23 09 2020

අම්පාර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල් 23ක් සදහා නිවාස ආධාර බෙදා දිම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා අමිපාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විණි. මෙම පිරිසට පළමු අදියර යටතේ නිවස ඉදිකිරීම සදහා රු. 50000ක මුදලක් ලබා දුන් අතර මෙවර දෙවන අදියර යටතේ අඩක් නිම කළ නිවාස ඉදිකර ගැනිම සදහා රු. 60000ක මුදලක් ලබා දුන්නේය.  මේ සදහා අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.එල්. බණ්ඩාරනායක, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, පළාත් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජේ. ජෙගනාදන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 

 

 

 

 

 

 

 

 

 E2M2 23 09 2020

 E2M3 23 09 2020

© Provincial Planning Secretariat - EPC