E3M3 23 09 2020

ජනාධිපතිතමා සහ රජය තමාට පැවරූ වගකිම නොපිරිහෙළා ඉටු කිරීමට කටයුතු කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය  පැවසුවාය.

එම කටයුතු සාර්ථක කර ගැනිම සදහා පළාතේ සියළු දේශපාලඥයින්ගේ සහාය අවශ්‍ය බවද ඇය කිවාය.

ගෝමරන්කඩවල මහා විද්‍යාලයේ පැවති අ.පො.ස සාමාන්‍ය පෙළ දුවා දරුවන්ගේ විභාග සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක අවස්ථාවට (22) එක් වෙමින් ඇය මේ බව කියා සිටියාය.

සිය අධික්ෂණය යටතේ සිදු කෙරුණු මෙම සම්මන්ත්‍රණ මාලාව ත්‍රිකුණාමල උතුර කලාපයේ පාසල් තුනක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණු අතර ඒ සදහා සම්පත්දායකයින් ලෙසසස්නකසංසදය සහ සිගිති සරණ සංවිධානය එක්වූහ.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරිය මෙසේද පැවසුවාය.

මම නිතරම දෙමාපියන් හමු වෙනවා.මට හැකි සැම වෙලාවකම ඒ අයගේ ප්‍රශ්ණ විසදන්න උත්සහ කරලා තියෙනවා. දෙමාපියන් ඇවිල්ලා පැවසුවාම තව මාස හතරයි පහයි ඒ ගොල්ලෝන්ගේ විභාගයට තියෙන්නේ කියලා ගුරු හිගයක් ඉතාම තදින් තියෙන වෙලාවේ මම ඒකට විසදුමක් හෙව්වා. මම ඇවිත් මේ මාස අටටම ගුරු සහයකයින් බදවා ගැනිම පිළිබදව අපි කතා කළා. අපිට මේ පළාත් වල ගුරු හිගය ඉතාම තදින් තියෙනවා.  සාමාන්‍ය පෙළ ගුරු හිගයක් තියෙනවා. මොකද මේ පළාත් වලින්ම උපාධිධාරි ගුරුවරුන් බිහිවන්නේ නැහැ. අම්පාර දිස්ත්‍රික්කයේ ගුරුවරුන් පළමු වෙනි අවුරුදු දෙක තුන තුළ බොහොම අමාරුවෙන් ඉදලා ඊළගට ඔවුන් කසාද බැදලා දරුවෝ හැදුනට පස්සේ පුළුවන් තරම් තමන්ගේ ගෙවල් දොරවල් වලට යන්න හදනවා. එක අතකින් බැලුවම ඒක සාධාරණයි මොකද චූටි දරුවෝ බලා ගන්නේ තමන්ගේ දෙමාපියන්. අම්මා වෙන තැනක තාත්තා වෙන තැනක එහෙම ඉන්න අමාරුයි. ඒ නිසා ඒ ගැන හිතලා මම සමහර මාරුවිම් දුන්නා. කිසිම දේශපාලන බලපැමකට නෙමෙයි සමහර අය වරදවා වටහා ගත්තා දේශපාලන බලපැම් වලට තමයි මේ ස්ථානමාරු දෙන්නේ කියලා. මානුෂිය අවශ්‍යතා මත මම ඒ අයට ඒ ස්ථානමාරුවීම් ලබා දෙනවා. මේ පළාත ගැන නොහිතන්න නෙමෙයි මේ පැත්ත ගැන  හිතන්න ඕනේ. නමුත් අසන්තෝෂ අසම්පුර්ණ ගුරුවරයෙකුගෙන් වෙන සේවය අවමයි. ඕනෑම වෘත්තියක් කරන්න තෘප්තියක් තිබීම අනිවාර්යයි.

නමුත් මම ඉතාමත්ම අගය කරනවා අපි මේ අපේ රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් අවම අවුරුදු 5ක් ඉදලා මේ පළාතට විශාල සේවය කරලා මේ පළාතේ ගුරු හිගයට දායක වෙන්න අම්පාරේ ඉදන් ඇවිල්ලා ඒ කාලය සම්පුර්ණ කරපු බොහෝ ගුරුවරු පිරිසක් ඉන්නවා. ඒ ගුරුවරුන්ගේ සේවය අපි ඉතාමත්ම අගය කරනවා.නමුත් ඉක්මනින්ම අපි බලාපොරොත්තු වු අයුරින් ගුරු සහකයින් බදවා ගන්න කටයුතු කරනවා. යම් යම් හේතුන් මෙන්ම විශේෂයෙන්ම මේ ඡන්ද කාල වලට බදවා ගැනිම් නොකරන නිසා එය ප්‍රමාද වුණා.ඒ නිසා වහාම තීරණය කළා කොන්ත්‍රාත් පදනම මත විශ්‍රාම ලත් ගුරුවරුන් අපි ඒ අය පාසල් වල රදවා ගැනිමට. ඒ කරලත් අපි දැක්කා පිරිමහන්න බැරි ගුරු හිගයක් තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ දරුවන් තව මාස දෙකක් වෙද්දි සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිනවා. ඉතින් මම ධම්මාරාම ස්වාමින් වහන්සේට මේ සම්බන්ධව බොහොම කාරුණිකව කිව්වා.  උන්වහන්සේ පුරාවිද්‍යා වැඩ කටයුතු වලදි අපිට සම්බන්ධ වන නිසා. ඉතින් ඒ ස්වාමින් වහන්සේ  කිව්වා අපේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඇතුළු තවත් විශ්ව විද්‍යාල කිහිපයකසස්නකසංසදය කියන සංසදය හරහා තරුණ කණ්ඩායමක් ගෙනල්ලා සම්මන්ත්‍රණ තියන්න එය අපි ඉතාමත් ම අගය කරනවා. විභාග වලට පාඩම් කරන ආකාරය පිළිබදව සහ විභාගයට උත්තර ලිවිම සම්බන්ධයෙන් ඉගෙන ගැනීම වටිනවා. ගොඩක් ළමයි පාඩම් කරන්න දන්නවා ඒත් උත්තර ලියන පිළිවෙල දන්නෑ. ඒක තමයි මේ විභාගයක් පාස් විමේ සහ ඒ එකක්ද බී එකක්ද කියන එකේ රහස. ඒක මේ සංසදය හරහා සම්මන්ත්‍රනයකින් අද මේගොල්ලන්ට ලබා ගන්නට පුළුවන්.

මම දේශපාලන පත්වීමක් වන්නට ඇති තමුත් මම දේශපාලන අඩිතාලමකින් පැමිණෙන්නෙක් නොවෙයි. මම හිතන්නේ ජනාධිපතිතුමා ඒ ගැන දැනගෙනමයි මාව පත් කළේ. දේශපාලඥයින් එක්ක වැඩ කරලා මට පුරුද්දක් නෑ. මට දේශපාලනමය හැගිම් ගැන අවබෝධයකුත් නෑ. මට මේක අලුත් අත්දැකිමක්. නමුත් මම මගේ උපරිම උත්සහයෙන් පළාතේ හැම ප්‍රශ්ණයකටම උත්තර සපයන්න උත්සහ කරනවා.මම ජනතාව එක්ක ඉන්නවා. මගේ පළාතේ දිස්ත්‍රික්ක 3ක් තියෙනවා. ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක තුනම විවිධයි. විවිධ වර්ගීන්, විවිධ ජාතීන්, විවිධ ආගම් සහ විවිධ මානසිකත්වයන් සහිත පුද්ගලයන් ඉන්න නිසා.මම ඒ හැමෝටම මගේ ගාවට එන්නට පුලුවන් සියළුදෙනාම නියෝජනය කරන රජයේ නියෝජිතයා. මම මහජන දිනය අම්පාරේ මඩකලපුවේ සහ ත්‍රිකුණාමලයේ තියන්නේ ඒ නිසායි.මම ගොඩක් මහන්සි වෙනවා. නමුත් දේශපාලඥයින් එකතු කර ගන්න මට මගේ හැකියාව අඩුයි. ඕනෙම කෙනෙකුට මාව කෙලින්ම හම්බ වෙන්න පුළුවන් මම දිස්ත්‍රික්ක තුනටම සතියකට සැරයක් යනවා.

ජනතාව හමුවෙනවා. මට ජනාධිපතිතුමා පවරපු මේ කාර්යය මම හරියටම කරනවා. ඒකේද් මට පක්ෂ, පාට,භේද ජාති කුල භේද නෑ. හැමෝටම මම සලකන්නේ එකම විදියට. කවදාහරි මම මේ පළාතෙන් යනකොට මම මේ ජනතාවගේ ප්‍රශ්ණ ටික විසදලා ඔවුන් ලබන සතුට මට හොදටම ඇති. පළාතේ දේශපාඥයින් පසෙක දාලා නෑ මම ඒ අය එක්කත් සුහදව වැඩ කරනවා. යැයි දආණ්ඩුකාරවරිය පැවසුවාය.

මේ අවස්ථාවටපළාත් අධ්‍යාපන ලේකම්,ආණ්ඩුකාර ලේකම්,ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහත්‍රිකුණාමලය උතුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

 E3M1 23 09 2020

 E3M2 23 09 2020

© Provincial Planning Secretariat - EPC