E1M5 24 09 2020

ත්‍රිකුණාමල දිස්ත්‍රික් සමාරම්භක උත්සවය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් උප්පුවේලි වෙරළ තීරයේදී අද (23) පෙරවරුවේ පැවැත්විණි.

මෙහිදි එම වෙරළ පවිත්‍ර කිරීමේ කටයුතු ආණ්ඩුකාරවරිය සහ පැමිණ සිටි ආරාධිතයින් අතින් සිදුවූහ. මේ සදහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පොලිසිය, ගුවන් හමුදාව සහ නැගෙනහිර පළාත් සභාවේ සියළු ආයතන නියෝජනය කරමින් නිළධාරින් විශාල පිරිසක් එක්ව සිටියහ.

මේ අවස්ථාව සදහා ත්‍රිකුණාමලය මහ දිසාපති අසංක අබේවර්ධන, ආණ්ඩුකාර ලේකම් එල්.පි.මදනායක, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එච්.ඊ.එම්.ඩබ්ලිව්.පී. දිසානායක, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ උතුරු හා නැගෙනහිර පළාත් සහකාර කළමණාකරු ටී.ශ්‍රීපති මහතා ඇතුළු පිරිසක් මේ සදහා එක්ව සිටියහ.

 

 

 

 E1M4 24 09 2020

 E1M3 24 09 2020

 E1M1 24 09 2020

E1M2 24 09 2020

© Provincial Planning Secretariat - EPC