E1M1 15 01 2021

නව වසර වෙනුවෙන් පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය සභාවට අයත් පෙර පාසල් දුවා දරුවන්ට පාසල් බෑග් ප්‍රදානය කිරීමේ උත්සවයක් නැගෙනහිර පලාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

ප්‍රාදේශීය සභාවේ සභාපති එම් .ජී. තිලකරත්න මහතාගේ ආරාධනයෙන් ආණ්ඩුකාරවරිය එම උත්සවයට සහභාගී වූවාය. එම ප්‍රදේශයේ පෙර පාසල් දරුවන් සිය දෙනෙක් සඳහා මෙම පාසැල් බෑග් ලබාදීම ද විශේෂත්වයකි.


මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය කියාසිටියේ තිස් වසරක් පුරා පැවැති යුධමය වාතාවරණයේ දී භූමිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පදවි ශ්‍රීපුර ජීවත්වන ජනතාව විශාල කැප කිරීමක් සිදුකළ බවය.


එය කිසිදා ජනතා සිත්සතන් වලින් අමතක කළ නොහැකි බවද ආණ්ඩුකාරවරිය කීවාය.
එබැවින් රටේ සියලු දෙනාගේම ගෞරවය සහ ආදරය මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට හිමි විය යුතු බවත් එම ජනතාවගේ දුවා දරුවන් වෙනුවෙන් රජයක් ලෙස සිදුකල හැකි සියලු දේ දිවි හිමියෙන් සිදු කරන බවත් ආණ්ඩුකාරවරිය කීවාය.


මේ අවස්ථාවට ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු මන්ත්‍රී මණ්ඩලය ද දෙමව්පියන් පිරිසක් ද එක්ව සිටියහ.

E1M2 15 01 2021        E1M3 15 01 2021

© Provincial Planning Secretariat - EPC