නැගෙනහිර පළාතේ කෝවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා කැපවන සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශයේ නිලධාරීන්ට සිය ගෞරවය පිරිනමන බව පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
මඩකලපුව දිස්ත්‍රික් කෝවිඩ් මර්ධන කමිටුව ඊයේ පස්වරුවේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ ඇය මේ බව කීවාය.
දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අවශ්‍ය සහන ලබාදීම කඩිනම් කරන ලෙස ද ආණ්ඩුකාරවරය දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නාය.
මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල් පී මදනායක, දිස්ත්‍රික් ලේකම් ඒ කරුණාහරන්,සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඒ ලදාහරන්, මඩකලපුව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.