E1M1 01 03 2021

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දිගින් දිගටම සිදුවන වන විනාශය නතර කිරීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය මැදිහත්වීමෙන් රජයේ වනාන්තර වල විශේෂ දැන්වීම් පුවරු සවි කිරීමේ වැඩසටහන යටතේ සවිකළ පළමු දැන්වීම් පුවරුව විවෘත කිරීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කුච්චවේලි ප්‍රදේශයේදී සිදුවූවාය.


මෙම වැඩසටහන යටතේ දිස්ත්‍රික්කයේ පුරා ඇති රජයේ රක්ෂිත වල මෙම දැන්වීම් පුවරු සවි කිරීමට නියමිතය. පළමු දැන්වීම් පුවරුව විවෘත කිරීමේ අවස්ථාවට සෙම්බිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය කැප්පිටියාවේ අරණවිහාරී හිමි, දැයට හිතැති ගොවිතැන ව්‍යපෘතියේ අනුශාසක ආචාර්ය කීර්ති වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 E1M2 01 03 2021

 

 

 

 

© Provincial Planning Secretariat - EPC