E1M1 08 03 2021

විදේශ ගතව සිටින නැගෙනහිර පළාතේ ගෘහසේවිකාවන්ගේ සහ වැන්දඹු කාන්තාවන්ගේ ප්‍රශ්න සොයා බැලිම සදහා විශේෂ කමිටුවක් පත් කරන බව නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය. එහි නායකත්වය සදහා නැගෙනහිර පළාත් පිටපු ගරු අමාත්‍ය ආරියවති ගලප්පත්ති මහත්මිය පත් කිරීමට සුදානම් බවද ගරු ආණ්ඩුකාරවරිය කිවාය.

ලෝක කාන්තා දිනය නිමිත්තෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාන්තා වෙළද ප්‍රදර්ශනයෙන් අනතුරුව පැවති උත්සවයට අද (03) පෙරවරුවේ එක්වෙමින් ගරු ආණ්ඩුකාවරිය මේ බව කියා සිටියාය.

“අපේ සංස්කෘතින් වල කාන්තාවට ඉහළට යෑමේ යම් යම් බාධා පැමිණ තිබුණත් අපේ සංස්තිකෘන් හරහා අපේ රට තුළ කාන්තාව ඉහල තත්වයකට පත් වෙලා තියෙනවා. අධ්‍යාපනය අතින් සහ ඔවුන්ගේ රැකියාවට සහ ඔවුන්ගේන් ආර්ථිකයට ලැබෙන දායකත්වය ඉතාමත්ම ඉහලයි. නමුත් තවමත් මේ කාන්තාවන්ගේ සටන අවසන් වෙලා නෑ. මොකද කාන්තාවට අවශ්‍ය දේශපාලනික නායකත්වය අපේ රට තුළ ලැබිලා නෑ. අපේ පාර්ලිමේන්තුවේ 6%කට වඩා අඩු ප්‍රමාණයක් තමයි කාන්තාවන් සිටින්නේ. මම හිතනවා කාන්තා නායකත්වය මිට වඩා වැඩි වෙන්න ඕනේ. අපේ පාර්ලිමේන්තුව තුළ අපේ දේශපාලනය තුල . මොකද ඇත්තටම ඒ තුළින් විශාල වැඩ කොටසක් කරන්නට පුළුවන් වෙනවා.

නැගෙනහිර පළාත ඉතාමත්ම විශේෂිත පළාතක් මොකද කාන්තාව එළියට එන්නට අවශ්‍යයි. කාන්තාව අභියෝගයන් වලට මුහුණ දෙන්නට ඕනේ. අපේ පළාතේ තමයි වැන්දඹු කාන්තාවනගෙන් වැඩි පිරිසක් ජීවත් වෙන්නේ. ඔවුන් බොහෝ දෙනාට එසේ සිදු වන්නට උනේ තිස් වසරක් පුරා පැවති යුද්ධය නිසා. ඉදිරි කාලය තුළ අපි ඔවුන් වෙනුවෙන් ව්‍යවසායකත්ව වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

කාන්තා දිනය ලබා ගන්න සටන දියත් වෙනකොට කාන්තාවකට ලැබුණු පඩිය පිරිමියෙකුට ලැබුණ පඩියට වඩා භාගයකටත් වඩා අඩුයි. ඒ වාගේ කාන්තාව ඉතාමත්ම අසාධාරණයන් වලට ලක් වූ කාලයක් යුරෝපය, ඇමරිකාව වැනි රටවල් වල තිබුණා. එයින් කාන්තාවන් මිලියන ගණන් පාරට ගිහිල්ලා කාන්තාවන් වෙනුවෙන් සටන් වැදුණා. ඔවුන් අතීතයේ අප වෙනුවෙන් සටන් වැදිලා තමයි ඔවුන්ගේ අයිතින් දිනා ගත්තේ.

කාන්තා දිනය එම සටන් වලින් ලැබුණු එක් ප්‍රතිඵලයක් පමණයි. මේ සටන් හරහා කාන්තා නිදහස, කාන්තාවගේ ඡන්ද අයිතිය, කාන්තාවට සම වැටුප් සහ කාන්තාවට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබුණා. අපේ රටේ කාන්තාවට නිදහස් අධ්‍යාපනය නිසා පිරිමියෙකුට හා සමානව අවස්ථා ලැබුණා. ඒ වාගේම අද වෙනකොට අපේ රට තුළ ඉන්න කාන්තාව අපේ සංඛ්‍යා ලේඛන බැලුවාම පිරිමින්ට වඩා අධ්‍යාපනය ලබලා තියෙනවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පිරිමින්ට වඩා කාන්තාව වැඩියි.” යැයි ද ගරු ආණ්ඩුකාරවරිය කීවාය.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාල, හිටපු පළාත් ගරු අමාත්‍ය ආරියවතී ගලප්පත්ති, ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 E1M2 08 03 2021E1M3 08 03 2021

 

 

 

 

© Provincial Planning Secretariat - EPC