E2M1 08 03 2021

2021 මාර්තු 8 වැනි දිනට යෙදෙන ජත්‍යන්තර කාන්තා දිනයට සුභ පැතුම් එක්කරන්නේ හදපිරි සතුටිනි.

කාන්තාවක් වීම ම ඔබේ ජීවිතයට ආශිර්වාදයක් - කාන්තාවක් වී ඉපදීම දුකක්, පින් මදිකමක් යැයි ඇතැමුන් ප්‍රකාශ කරන්නේ ඇයි ද යන්න මට නම් සිතා ගන්න බැහැ. ලෝකයේ වටිනාම මවු පදවිය ලැබිය හැක්කේ කාන්තාවකට පමණයි. ඒ වාගේම සංවේදිකම රැකගෙන පැකිලීමකින් තොරව ඕනෑම වැඩකට ඉදිරිපත් වෙන්න ශක්තිය තිබෙන්නෙත් කාන්තාවකට පමණයි. දියණියක, සොයුරියක,මවක, බිරියක, මිත්තණියක ලෙස මම සියලුම කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින්නේ කරන වැඩ කොටස හරියට කරන්න. ගෙදරින් පටන් ගන්න ඔබට පුළුවනි.

ඔබට ලැබෙන අභියෝග වලට මුහුණ දි තම හැකියාවන්ගෙන් හැකි උපරිමයෙන් අන් අයටත් රටටත් සේවය කිරීමට අදිටන් කර ගන්න

එයයි කාන්තාවකගේ වටිනාකම.

මෙවර කාන්තා දිනයේ තේමාව “අභියෝග තෝරා ගන්න “ ( CHOOSE CHALLENGE ). මම මෙය ඉතා වටිනා තේමාවක් ලෙස දකිනවා.

තමන්ගේ සීමාවන් ඉක්මවා අභියෝග වලට මුහුණ දීමට අවශ්‍ය ධෙර්යය කාන්තාවක සතුව පවතින බැවින් තවදුරටත් රටට සේවය කිරීමට ඇයගේ දායකත්වය වඩාත් ඵලදායි ලෙස ලැබේවායි මම විශ්වාස කරනවා.

 

 

 

© Provincial Planning Secretariat - EPC