වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් පදිංචිව සිටි ඉඩම් වලින් බලහත්කාරයෙන් ඉවත් කළ බවට චෝදනා කරමින් මේ දිනවල මහත් ආන්දෝලනයක්ව පවතින කන්තලේ වාන්ඇල විහාරගල රක්ෂිතයේ ඉඩම් වල සිටි පුද්ගලයන්ගේ ගැටළු සොයා බැලීම සදහා නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පසුගියදා ඔවුන් දැනට නවාතැන් ගෙන සිටින වාන්ඇල විහාරගල රජමහා විහාරය වෙත ගියාය.
අනතුරුව ගරු ආණ්ඩුකාරවරිය ඔවුන්ගේ ඉඩම් ගැටළු විසදීම සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදු කරන බවද පැවසුවාය. ඉන්පසුව එම ජනතාව ජීවත්ව සිටි බව පවසන ඉඩමේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වූවාය.
ඉහත ප්‍රවෘත්තිය ඔබ මාධ්‍ය ආයතනයේ පළ කර දෙන මෙන් ඉල්ලමි.