E2M2 14 07 2021

ගෝමරන්කඩවල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ නැවත පදිංචි කර සිටි පවුල් 298 ක් සදහා ඉඩම් බලපත්‍ර ලබා දීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරැවේ ගෝමරන්කඩවල මහා විද්‍යාලයේදි පැවැත්විණි.

තිස් වසරක් පුරා පැවැති කුරිරු යුද්ධය නිසා සිය මුල්ගම් බිම් අතහැර ගොස් වෙනත් ප්‍රදේශවල සිට ගෝමරක්නඩවල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ මීට වසර 10 කට පමණ පෙර නැවත පදිංචි කළ පවුල් සදහා මෙම බලපත්‍ර ප්‍රධානය සිදු කෙරිණි.

ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය පෙබරවාරි මස ගෝමරන්කඩවල ප්‍රදේශයේදි පැවැති “ගම සමග පිළිසදර” වැඩසටහනනේදි ජනතාව විසින් මේ ගැන ප්‍රශ්න කළ අතර එහිදි ජනාධීපතිවරයා කියා සිටියේ කඩිනමින් එම බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බවය. එහි ප්‍රථිපලයක් ලෙස පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ විශේෂ මැදිහත් වීමෙන් මෙම බලපත්‍ර කඩිනමින් ලබාදීමට හැකියාව ලැබුණි.

මෙම අවස්ථාවට ත්‍රිකුණාමලය දිස්තික් පාර්ලිමේන්තු මන්ත්‍රි කපිල නුවන් අතුකෝරළ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාළ, ගොමරන්කඩවල ප්‍රාදේශිය ලේකම්, ගෝමරන්කඩවල /මොරවැව ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

E2M1 14 07 2021

 

 

© Provincial Planning Secretariat - EPC