E1M2 15 07 2021

නැගෙනහිර පළාතේ සියළු රාජ්‍ය ආයතන පරිශ්‍ර සෞභාග්‍යමත් කෘෂි ගොවත්තක් කිරීමට කටයුතු කරන්නැයි පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද(15) පෙරවරුවේ පැවති විශේෂ වැඩමුළුවකදී පළාත් ප්‍රධාන ලේකම්වරයාට උපදෙස් දුන්නාය.

ඉතා කඩිනමින් එම කටයුතු ආරම්භ කරන ලෙසද තිරසර ගොවිතැන පිළිබදව ත්‍රිකුණාමල දිස්ත්‍රික් ගොවිජවන සේවා නිළධාරින් සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිළධාරින් සදහා පැවති විශේෂ වැඩමුළුවේදී ඇය වැඩිදුරටත් කීවාය.

මෙම හමුවේදි කොම්පෝස්ට් පොහොර සැකසීම, පරිසර හිතකාමී ගොවිතැන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබදව එම නිලධාරින් දැනුවත් කරන අතර දින 5ක් පුරා එම පුහුණ වැඩමුළුව පැවැත්වීමටද සැලසුම් කර තිබේ. ඉදිරි සතිය තුළ මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක වල සිටින නිළධාරින්ටද තිරසර ගොවිතැන පිළිබදව පුහුණු වැඩසටහන් පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කාබනික ගොවිතැන රට තුළ ප්‍රචලිත කිරීමට ගෙන ඇති තීරණය ග්‍රාමීය ජනතාව වෙත පහසුවෙන් ළගා කිරීමට හැකියාව ඇත්තේ මෙම කෘෂිකර්ම නිළධාරින් හරහාය.

ඔවුන්ට අවශ්‍ය මනා පුහුණුව සහ දැනුම ලබාදීමෙන් කාබනික ගොවිතැන පිළිබදව ගොවියා දැනුවත් කිරීම පහසුවන අතර නිවැරදි උපදෙස් ගොවීන්ට ලැබීමෙන් කෘෂිකාර්මික කටයුතු වලින් වැඩි අස්වැන්නක් ලබාගත හැකි බවද ආණ්ඩුකාරවරිය මෙහිදී කීවාය..

මේ අවස්ථාවට පළාත් පුධාන ලේකම් තුසිත පී.වනිගසංහ, පළාත් කාෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් කලාමදී පද්මරාජා,ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

E1M1 15 07 2021

 

 

© Provincial Planning Secretariat - EPC