E1M1 17 09 2021

කාබනික කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය පුළුල් කිරීමේ රජයේ වැඩපිළිවෙලට අනුව නැගෙනහිර පළාත්  ගරු ආණ්ඩුකාර  අනුරාධා යහම්පත් මහත්මියගේ සංකල්පයක් මත පළාතේ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත කොම්පෝස්ට් අමුදුව්‍ය කැබලි කිරීමේ යන්ත්‍ර බෙදාදීමේ සමාරම්භක අවස්ථාව පළාත් ප්‍රධාන ලේකම් තුසිත පි. වනිගසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(16) පෙරවරුවේ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලයේදී සිදු කෙරිණි .

ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක සඳහා පළමු අදියර යටතේ බෙදාදුන් යන්ත්‍ර ප්‍රමාණය 44කි. ඒ සඳහා වැය කළ මුදල රු. ලක්ෂ 55කි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 14ක් මඩකලපුව දිස්ත්‍රික්කයට 11ක් සහ අම්පාර දිස්ත්‍රික්කයට 10ක් ලෙස මෙම යන්ත්‍ර බෙදා දී තිබේ. ඊට අමතරව දැනට කොම්පෝස්ට් නිෂ්පාදනය සිදු කරමින් සිටින පළාතේ ඇති සිවිල් ආරක්ෂක බලකා මුලස්ථාන 09ක් සඳහාද මෙම යන්ත්‍ර බෙදා දීම සිදු කළහ.

කාබනික පොහොර ප්‍රචලිත කිරීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නැගෙනහිර පළාත සඳහා වෙන්කළ මුදල් ප්‍රතිපාදන යටතේ මෙම යන්ත්‍ර මිළදී ගැනීම සිදුවිය.පළාතේ සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයක් සඳහාම මෙම යන්ත්‍රයක් ලබාදීමට ආණ්ඩුකාරවරිය කටයුතු කරමින් සිටී.

මෙම යන්ත්‍ර ලැබුණු පසු ගොවිජන සේවා මධ්‍යස්ථාන වල අධීක්ෂණය යටතේ ගොවි සමිතිවල නියෝජිතයන්ට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර ගැනීම සඳහා මෙම යන්ත්‍ර භාවිතා කිරීමට හැකියාව තිබේ.

මේ අවස්ථාවට හිටපු පළාත් අමාත්‍ය ආරියවති ගලප්පත්ති, ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක ආචාර්ය එස්.එම්. හුසේන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

E1M2 17 09 2021

 

E1M3 17 09 2021

 

E1M4 17 09 2021

© Provincial Planning Secretariat - EPC