E1M1 09 03 2022

සමන්තුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද බලපත්‍ර හා ඔප්පු බෙදාදීමේ වැඩසටහනක් 2022.03.09 වන දින සමන්තුරේ නගර සභා ශාලාවේදී පැවැත්විණි. එහිදී පුද්ගලයින් 200 කට අධික පිරිසක් සඳහා බලපත්‍ර හා ඔප්පු ලබා දෙන ලදී. මෙම අවස්ථාවට විශේෂිත ආරාධිත අමුත්තන් වශයෙන්, අම්පාර දිස්ත්‍රික් ලේකම් J.M.A.ඩග්ලස්, මාර්ග සංවර්ධන අමාත්‍යංශ ලේකම් A.H.M.අන්සාර්, නැගෙනහිර පළාත් ඉඩම් කොමසාරිස් D.M.R.C.දසනායක, සමන්තුරේ ප්‍රාදේශීය ලේකම් S.L.M.හනීෆා යන මහත්වරුන් සහභාගී වූ අතර අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පළාත් ඉඩම් පාලන දෙපාර්තමේන්තුව හා සමන්තුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්ද මේ සඳහා සහභාගී විය.

ඒමෙන්ම ඉඩම් නිලධාරී, ක්ෂේත්‍ර නිලධාරී, ජනපද නිලධාරී, සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.    

 

 

E1M2 09 03 2022 E1M3 09 03 2022 E1M4 09 03 2022

© Provincial Planning Secretariat - EPC