E1M2 17 06 2021

හදිසි ගිනි ගැනීමක් හේතුවෙන් නිවාස අලාභ හානි සිදු වූ ගෝමරන්කඩවල බක්මීගම පදිංචි ඩී ශාන්ති කුමාරි දයාරත්න මහත්මියගේ නිවස අලුත් වැඩියා කිරීම සදහා මුදල් ප්‍රදානයක් නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අතින් අද (17)පෙරවරුවේ සිදු වුවාය.ඒ පළාත් නිවාස සංවර්දන අධිකාරියේ අනුග්‍රහයෙනි.

 

ගිනි ගැනීමක් හේතුවෙන් නිවාස අලාභ හානි වූ එම පවුලේ සුවදුක් බැලීම සඳහා ආණ්ඩුකාරවරිය එය සිදුවූ දිනයේම එහි  ගියා ය. එහිදී ද ගිනි ගැනීමෙන් විනාශ වුණු නිවසේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා ආන්ඩුකාරවරිය අතින් මුදල් ප්‍රදානයක්  සිදු කිරීම විශේෂත්වයකි. ඊට අමතරව එම පවුලේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පාසල් උපකරණ ප්‍රදානයක් ද සිදු කළාය.පසුව ආණ්ඩුකාරවරිය එම අවස්ථාවේම පළාත් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජෙගනාදන් මහතාට දැනුම් දුන්නේ එම නිවස අලූත්වැඩියා කර ගැනීම සඳහා අවශ්‍ය උපකාර සිදුකරන ලෙසයි.එහි ප්‍රතිපලයක් ලෙස පළාත් නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම පරිත්‍යාගය සිදුවිය. 

E1M1 17 06 2021

© Provincial Planning Secretariat - EPC