E1M2 06 09 2022

ගෝමරන්කඩවල කජුවත්ත ගම්මානයේ කුඹුරු අක්කර 160ක කාබනික වි අස්වැන්න ලබා ගැනීමෙන් අනතුරුව පවත්වන අලුත් සහල් මංගල්‍ය අද(05) පෙරවරුවේ නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මයිලවැව තුසිතපුර ශ්‍රී ලංකාරාමයේදි පැවැත්විණි.

යාන්ඔය ව්‍යාපෘතිය නිසා ඉඩම් අහිමි වූ පිරිස වෙනුවෙන් මෙම කජුවත්ත ග්‍රාමයේ කුඹුරු ඉඩම් ලබාදී තිබුණද ඒවා වගා කිරිමට තරම් සුදුසු තත්වයක නොතිබුණි. මීට මාස කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකාරාමයේ ආගමික උත්සවයකට සහභාගි වූ ආණ්ඩුකාරවරියට ගොවීන් මෙම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළහ. අනතුරුව ගොවින් සමග එම භුමියට පැමිණි ආණ්ඩුකාරවරිය ඒ ගැන වහාම යාන්ඔය ව්‍යාපෘතිය භාර නිළධාරින් සහ අදාළ බලධාරින් දැනුවත් කළාය. ඉන් දින කිහිපයක් ගත වු පසු ආණ්ඩුකාරවරියගේ මැදිහත් වීමෙන් එම ගොවි බිම් කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට සුදුසු තත්වයට පත්විණි.

අනතුරුව එම කුඹුරු ඉඩම් වල කාබනික වි වගාව ආරම්භ කළ අතර මෙම කන්නයේදි ඉන් වී බුසල් 100ක අස්වැන්නක් ලැබී තිබුණි. ආණ්ඩුකාරවරියගේ මැදිහත් විමේන් සිය කුඹුරු ඉඩම් වගා කිරීමට හැකි වු නිසා ඊට කෘතගුණ සැලකීමක් ලෙස එම අස්වනු වලින් සිදු කරන අලුත් සහල් මංගල්‍ය ඇයගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ගොවින් තීරණය කිරීම විශේෂත්වයකි.

මේ අවස්ථාවට අමරපුර මහානිකායේ සද්ධම්මවංශික පාර්ශවයේ මහානායක එගොඩමුල්ලේ අමරමෝලි හිමියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

E1M1 06 09 2022

 

 

 

 

 

© Provincial Planning Secretariat - EPC