E1M1 15 09 2022

මෙවර උසස් පෙළ විභාගයෙන් නැගෙනහිර පළාත දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්වීම නිමිත්තෙන් සහ එම ප්‍රතිඵලය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට අදාළ විශේෂ සාකච්ඡාවක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ත්‍රිකුණාමලයේ පිහිටි ගරු ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විණි.

මේ සඳහා නැගෙනහිර පළාත නියෝජනය කරන අධ්‍යාපන කලාප 17 හිම අධ්‍යක්ෂකවරුන් කැඳවා තිබුණි.මෙහිදී පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙතෙක් පළාතේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම සඳහා ගෙන තිබූ ක්‍රියාමාර්ග සහ ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ආණ්ඩුකාරවරිය දැනුවත් කලේය.

මීට අමතරව මෙවර පළාත් ප්‍රතිපාදන යටතේ පාසල් වල සිදුකරන ලද විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව ප්‍රගති සමාලෝචනයක්ද සිදු කෙරෙණි.ඉන් අනතුරුව පැමිණ සිටි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගේ සේවය ඇගයීමකට ලක් කරමින් ආණ්ඩුකාරවරිය අතින් ප්‍රසංසා ලිපි නිකුත් කිරීම ද සිදු වීම විශේෂත්වයකි.


මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී වනිගසිංහ,ආණ්ඩුකාර ලේකම් එල් පී මදනායක,පළාත් අධ්‍යාපන ලේකම් ,පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටියහ

 

E1M2 15 09 2022

 

 E1M3 15 09 2022

 

E1M4 15 09 2022

 

 

 

 

© Provincial Planning Secretariat - EPC