මත් උවදුර මැඩලීම සඳහා කිසිදු දේශපාලන බලපෑමකට යටත් නොවන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවේ අවධාරණය කළාය. එවැනි දේශපාලන බලපෑම් ඇත්නම් වහාම ඒ බව තමාට දැනුම් දෙන ලෙසත් ආණ්ඩුකාරවරිය ඉල්ලා සිටියාය.මත් උවදුරෙන් සිය පළාත මෙන්ම රටේ ජනතාව බේරා ගැනීම සඳහා ද සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව ද ඇය සඳහන් කළාය.
මත් උවදුර මර්දනය කිරීම සඳහා නැගෙනහිර පළාතේ අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ විශේෂ හමුවක දී ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය මේ අවස්ථාවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය රඛිත ලක්නාත් වෙලගෙදර, පළාතේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් එහි නියෝජිතයන්, පලාත් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
එහිදී වෛද්‍ය වෙලගෙදර මහතා විසින් මත් උවදුර මර්දනය කිරීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් යුතු විශේෂ කමිටු පිහිටුවීමද විශේෂත්වයකි.
සෞඛ්‍යය, අධ්‍යාපන, පුනරුත්ථාපන, ප්‍රචාරණ, උපදේශන නීති සැකසීම, කුසලතා සංවර්ධන යන විෂයයන්ට අදාළව එම කමිටු පිහිටුවීමට මෙහිදී කටයුතු කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේ ද පැවසුවාය