E1M1 12 01 2021

නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සහ කලාපීය අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහභාගි වු විශේෂ රැස්විමක් 2021.01.12 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්මන්ත්‍රණ ශාලාවේදි අධ්‍යාපන ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි.

පළමු ශ්‍රේණියේ සිසුන්ට පලතුරු පැළ ලබා දිමේ රජයේ නව යෝජනා ක්‍රමය පිළිබද කෙටි පැහැදිලි කිරිමක් කොළඹ සිට පැමිණි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින් විසින් පැහැදිලි කිරිමක් ලබා දෙන ලදි.

එසේම නැගෙනහිර පළාත් පාසල්වල සූර්ය බල සැපයුම් යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් අදාළ සමාගමේ නිලධාරින් විසින් පැමිණි සිටි සියලු දෙනාම දැනුවත් කරන ලදි.

මෙම රැස්විමට ප්‍රධාන ලේකම්තුමා වෙනුවට නියෝජ්‍ය ලේකම්:පරිපාලන එච්.ඊ. එම්. ඩබ්.ජි. දිසානායක මහතා ප්‍රධාන ලේකම්තුමා විසින් විවිධ පණිවුඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කරන ලදි.

නැගෙනහිර පළාත් අධ්‍යාපන ප්‍රතිඵල මට්ටම දැනට තිබෙන මට්ටමට වඩා වැඩිදියුණු කළ හැකි ක්‍රම පිළිබදව සාකච්ඡා කරන ලදි.

 

 

E1M2 12 01 2021E1M3 12 01 2021

  

© Provincial Planning Secretariat - EPC