E1M1 25 01 2022නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයට අදාලව 2022 වර්ෂයේ විශේෂ සමාලෝචන රැස්වීම ගරු ආණ්ඩුකාරතුමියගේ ප්‍රධානත්වයෙන් 2022 ජනවාරි මස 25 වන දින අමාත්‍යාංශ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.එහි මුලසුන දැරුවේ නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමිය විසිනි.

මෙම අවස්ථාව සඳහා නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශ ලේකම්, ගරු ආණුඩුකාර ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්), නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්), මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්‍ෂ, ප්‍රධාන ගණකාධිකාරී, පරිපාලන නිළධාරීමෙන්ම ඉඩම් පරිපාලන දෙපාර්තමේන්තුවේ පළාත් ඉඩම් කොමසාරිස්, මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්‍ෂ, ප්‍රධාන ඉංජිනේරු සහවිධායක ඉංජිනේරු ඇතුලු නිළධාරීන් සහභාගී විය.

මේ යටතේ 2021 වර්ෂයට අදාලව මාර්ග වැඩිදියුණු කිරීම්, වාර්ෂික ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය මෙන්ම යෝජනා මෙන්ම ආධාර ව්‍යාපෘති සඳහා වන යෝජනා පිළිබඳව ද සාකච්ඡා කරන ලදී. තවද 2022 වාර්ෂික ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන පිළිබඳව මෙන්ම ඉදිරි කටයුතු සම්බන්ධවද සාකච්ඡා කරන ලදී.පළාත් ඉඩම් සම්බන්ධ ගැටලු සහ ඒවා නිරාකාරණය කිරීම සඳහා අදාල අදහස් හා යෝජනා ද මෙහිදී ඉදිරිපත් විය.

E1M2 25 01 2022 E1M3 25 01 2022 E1M4 25 01 2022

© Provincial Planning Secretariat - EPC