දේශපාලන තුරුම්පු ගසමින් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඉඩ නොතබන්නැයි නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
එක් එක් දේශපාලන න්‍යායපත්‍ර වලට බෙදී ගියහොත් තුවාල වුණු මෙම පළාත කිසිදා ගොඩ නැගීමට නොහැකි බවද ගරු ආණ්ඩුකාරවරිය කීවාය.
මේ යෝජනාවන් හදලා ජනාධිපතිතුමාට ඉදිරිපත් කරලා අපේ ඇමතිතුමාවත් දැනුවත් කළා. අපි කරන්න යන ක්‍රමවේදය. මෙය විශාල ක්‍රියාවක්, දේශපාලන අධිකාරිය අපේ වැඩ වල කොටස් කාරයෙක් බවට පත් වෙන්න ඕනේ. අපි කැඩිලා බිදිලා වෙන් වෙලා කවමදාකවත් අපේ මේ තුවාල වෙච්ච පළාත සුවපත් කරන්න බෑ. ඒක මට ආපු දවසේ ඉදන්ම හොදට තේරෙන දෙයක්. අපි අපේ හැම වැඩේදිම එකතු වෙන්න ඕනේ. දේශපාලනික වශයෙන් බේද නොවී.
මට ඕනේ මේ පළාත සෞභාග්‍යමත් පළාතක් වෙනවා දකින්න. මේ පළාතේ ඉන්න පීඩා විදින ගොවි මහතා පිඩා නොවිදින පුද්ගලයෙක් බවට පත් කරන්න. ඉතින් ඒක තමයි මගේ ඉලක්කය. ඒක සියළු දෙනාම එකතු කරගෙන සතුටින් යන්න ඕනි. ගමනක්. දේශපාලනය අත්‍යවශ්‍යයි. දේශපාලනය හරහා තමයි රාජ්‍ය බලය ලැබෙන්නේ. නමුත් දේශපාලනිකව කැඩෙන්නේ නැතුව කරන වැඩේදි එකිනෙකාට උදවු කරගෙන අපි ඉස්සරහට යන්න ඕනි.
මේ වැඩේ ජනාධිපතිතුමා පටන් අරන් තවම මාසයයි. ඒ අතරේ අපිට ගොවිමහතාගේ සිට ඉහල නිළධාරීන් දැනුවත් කරනවද, ඉහළ නිළධාරියාගේ සිට ගොවි මහතා දැනුවත් කරනවද කියලා අපි තිරණය කරන්න ඕනි. කොයි තරම් ගොවි මහතා දැනුවත් කළත් තාක්ෂණය දුන්නත් වැඩක් වෙන්නේ නැ. ඉහළ නිළදධාරීන්ගේ ආකල්ප කෘෂිකර්ම නිළධාරින්ගේ ආකල්ප වැරදි නම්, කොයි තරම් අපි මහන්සි උනත් මේක සාර්ථක වෙන්නේ නැ. මම දැන් අධ්‍යනය කරපු හින්දා මම දන්නවා.
මේ දැනුම හරියට ඉහළ නිළධාරීන්ට ලබා දුන්නනේ නැත්නම් කොයි තරම් ගොවියා දැනුවත් කලත් ගොවියා ලගට ගියත් මේ වැඩේ සාර්ථක වෙන්නේ නෑ. ඉතින් ඒ නිසා තමයි මේ දැනුවත් කිරිමේ වැඩසටහන පවත්වලා ඔබ තුමාලව දැනුවත් කරන්න හිතුවේ. ඔබතුමාල දැන් ඒකට ධනාත්මකව මුහුණ දෙයි කියලා හිතාගෙන තමයි මම මෙතනට ආවේ. තාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටවත් අදහසක් නෑ මේක සම්පූර්ණයෙන්ම සාර්ථක කර ගන්න ක්‍රමවේදය. අපි ඒ ක්‍රමවේදය සිදු කරන්න ඕනි.
අපි බලාපොරොත්තු වුණා මේ හරහා රටේ මිනිසුන්වත් හදන්න ඕනි. රට ලස්සන කරලා විතරක් මදි. අපිට මීට වඩා ධනාත්මක මිනිස්සු බවට පත් වෙන්න පුළුවන්. මේ සියළු බලපොරොත්තු ඇතිව අපි මේ වැඩේට යන්න ඕනි.පොඩි පොඩි දේශපාලන තුරුම්පු හදලා මේ වැඩේ කඩාකප්පල් කරන්න දෙන්න එපා. ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලයි එතකොට පරාජය වෙන්නේ. එහෙම කරන්න දෙන්න එපා.” යැයිද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කීවාය.