පෞද්ගලික හිත් අමනාපකම් නිසා පළාත් පාලන අයවැය පරාජය කර සංවර්ධන කටයුතු අඩාල නොකරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන් හමුවේ අවධාරණය කළාය.සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා පිළිබඳව යම් ගැටළුවක් ඇත්නම් එය විසඳා ගැනීමට අයවැය ලේඛනය භාවිතා නොකරන ලෙසද ගරු ආණ්ඩුකාරවරිය ඉල්ලා සිටියාය.
ගෝමරන්කඩවල , පදවි ශ්‍රී පුර සහ මොරවැව ප්‍රාදේශිය සභාවල සභාපතිවරුන් සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමග අද(15) ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ හමුවකදී ඇය මේ බව කියා සිටියාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේද පැවසුවාය.
“අයවැය පරද්දලා සභාපතිවරුත් එක්ක පෞද්ගලික කෝන්තර පිරිමහ ගන්න හදනවා නම් ඒක කරන්න ලැස්ති වෙන්න එපා.එහෙම වුනොත් ගමේ සංවර්ධන වැඩ කටයුතු අඩාල වෙනවා. අතිගරු ජනාධිපතිතුමා මේ රට සෞභාග්‍යමත් දේශයක් කරන්න විශාල කැප කිරීමක් කරනවා. ඒකට අපි සියළු දෙනා සහයෝගය දක්වන්න ඕනේ. සභාවල අයවැය පරාජය කරලා ඒ සභාවන් අස්ථාවර වුනොත් රජයේ සංවර්ධන වැඩපිළිවෙල ආපස්සට යනවා. පෞද්ගලික හිත් අමනාපකම් වෙනම විසද ගන්න. සංවර්ධන වැඩ සඳහා සකසන අයවැය ලේඛනයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විදිහට එක්ව සහයෝගය දෙන්න.ඒවගේම ප්‍රා දේශිය සභාවට ආදායම උප්පාදනය කරන්න පුළුවන් හොඳ මාර්ගයක් දැන් තියෙනවා.කාබනික පොහොර නිෂ්පපදනය කරලා ඒවා විකුණලා ආදායමක් ලබා ගන්න. ඒක්ට අවශ්‍ය සහයෝගය අපි දෙනවා යැයි”ද ආණ්ඩුකාරවරිය වැඩදුරටත් කියා සිටියාය.
මේ අවස්ථාවට ගෝමරන්කඩවල , පදවි ශ්‍රී පුර සහ මොරවැව ප්‍රාදේශිය සභාවල සභාපතිවරුන් ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සියළු දෙනාම එක්ව සිටියහ.