නැගෙනහිර පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස ඩී.එම්.එල්. බණ්ඩාරනායක මහතා පසුගිය දා ත්‍රිකුණාමලය, කන්නියා පාර, වරෝදයනගර් පිහිටි සිය කාර්යාලයේදි වැඩ භාර ගත්තේය.
තුසිත පී.වනිගසිංහ මහතා විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වූ ප්‍රධාන ලේකම් තනතුර සඳහා බණ්ඩාරනායක මහතා පත් කෙරිණි.
ඔහු වැඩභාර ගැනීමට අදාළ ලිපිය අද(13) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මිය වෙත භාර දුන්නේය. ජේෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන බණ්ඩාරනායක මහතා ප්‍රධාන ලේකම් ලෙස පත්වීමට ප්‍රථම අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය.
ඊට ප්‍රථම ඔහු ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා ලෙසත්, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙසත් ඇල්ල ප්‍රාදේශිය ලේකම්වරයා ලෙසත් රාජකාරි කටයුතු සිදු කර තිබේ.