E1M1 26 01 2022සංවර්ධන නිළධාරින් ලෙස නැගෙනහිර පළාතේ ස්ථීර රාජ්‍ය සේවයට එක් වන කිසිවෙකු දේශපාලන බලපෑම් මත මාරුවීම් ඉල්ලා නොපැමිණෙන්නැයි පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අවධාරණය කළාය. තමාට ලැබුණු පළමු පත්වීමේ වසර 5ක කාලයක්  අනිවාර්යෙන් සේවය කරන ලෙසද ආණ්ඩුකාරවරිය කීවාය.

තමාට ලැබුණු රැකියාවේ ගරුත්වය ආරක්ෂා කරමින් යහපත් රාජ්‍ය සේවයක් සිදු කර රටට බරක් නොවි විශ්‍රාම දිවියට පිවිසෙන්නැයි ද ආණ්ඩුකාරවරිය සදහන් කළාය. සංවර්ධන නිළධාරින් ලෙස බදවා ගත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක වල උපාධිධාරින්ට ස්ථීර පත්විම් ලබාදිමේ උත්සවයට ත්‍රිකුණාමලය විවේකානන්ද දෙමළ මහා විද්‍යාලයේදි අද(26) පෙරවරුවේ එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.

උපාධිධාරින් 2000ක් සදහා අද දින පත්වීම් ලබා දීමට නියමිතව තිබුණද පවතින අයහපත් සෞඛ්‍ය තත්වය හමුවේ එම සියළු උපාධිධාරින් නියෝජනය කරමින් 600 දෙනෙකු සදහා මෙම උත්සවයේදි පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරිණි. සෙසු උපාධිධාරින් 1400 දෙනාගේ පත්වීම් ලිපි තැපැල් මගින් ලබාදිමට කටයුතු කර තිබීමද විශේෂත්වයකි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරිය මෙසේද සදහන් කළාය.

“ ඔබ සියළු දෙනාම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභීන්. විශ්ව විද්‍යාලය දක්වාම ඔබට ඒ නිදහස් අධ්‍යාපනය තිබුණා. මෙවැනි නිදහස් අධ්‍යාපනයක් විශ්ව විද්‍යාල මට්ටමටම ලබා දෙන වෙන්ත් රටක් නැති තරම්. රට ඔබ වෙනුවෙන් කළ ඒ යුතුකම කවදාවත් අමතක කරන්න එපා. උපාධිධාරින් සියළුදෙනාට රජයේ රැකියා ලබාදීම රජයකට කළ හැකි දෙයක් නොවේ. නමුත් එම අභියෝගය අපේ රජය භාර ගත්තා. රජයේ රැකියාවක් දිය යුතු යැයි උද්ඝෝෂණ වලින් අවසන් වන එකම රට තමයි අපේ රට.

රජයේ රැකියාවක් ලැබුණු ඔබ රජයට සේවාවක් සිදු කළ යුතුයි කියන වගකීමද අමතක කරන්න එපා. ඔප ළගට එන අහිංසක ජනතාවට කාරුණිකව ඒ සේවය ලබාදිය යුතුයි. ඔබ රාජ්‍ය සේවයෙන් නික්මෙන දවසට රට වෙනුවෙන් ඔබේ යුතුකම් සහ වගකීම නිස්ි පරිදි ඉටු කරන්න යැයි”ද ආණ්ඩුකාරවරිය කීවාය.

මේ අවස්ථාව සදහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාල, ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් සමන් පාඩිකෝරාල, ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පරිපාලන)ප එච්.ඊ. එම්.ඩබ්.ජී.දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

E1M2 26 01 2022 E1M3 26 01 2022 E1M4 26 01 2022

E1M5 26 01 2022

 

© Provincial Planning Secretariat - EPC

https://suaralama.info/ loker situbondo slot gacor https://simluh.pertanian.go.id/assets/img/storage/data/situs-togel-terpercaya/